“13වන ව්‍යවස්ථා සංශෝධනය එපා. පළාත් සභා අහෝසි කරන්නට ජනතා මතය ගොඩනගමු” ඊ-පෙත්සම

සිංහළ වීර විදහන විසින් 2020 සැප්තැම්බර් 29 වන දින “13 වන ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍යද?” සම්මන්ත්‍රණයට සමගාමීව “13වන ව්‍යවස්ථා සංශෝධනය එපා. පළාත් සභා අහෝසි කරන්නට ජනතා මතය ගොඩනගමු.” මැයෙන් ඊ පෙත්සමක් දියත් කරන ලදි. එම ඊ පෙත්සම අත්සන් කර ඔබත් අප හා එක්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඊ-පෙත්සම සඳහා පහත ඇති Link එක භාවිතා කරන්න.  …

සිංහළ වීර විදහන ජාතික සංවිධානය නුවර එළිය ඉදිකල ශ්‍රීමත් අනගාරික ධර්මපාල පිළිරුවට පුෂ්පෝපහාරයක් 2020 සැප්තැම්බර් 17 වන දින පවත්වන ලදි.

 සිංහළ වීර විදහන ජාතික සංවිධානයේ නුවර එළිය ශාකාවේ සාමාජික මහත්වරුන් විසින් 2020 සැප්තැම්බර් 17 වන දිනට යෙදෙන 156 වන ශ්‍රීමත් අනගාරික ධර්මපාල ගුණානුස්මරනය වෙනුවෙන් පුෂ්පෝපහාරයක් නුවරඑළිය නගර වටරවුමේ ඇති සිංහළ වීර විදහන විසින් ඉදිකරන ලද අනගාරික ධර්මපාල පිළිමයට සිදු කරන ලදි. මෙම අවස්ථාව සඳහා ගෞර්වනීය පූජ්‍ය පක්ෂයත්, රජයේ සහ පොලීසියේ උසස් නිළධාරීන් ද, වීර විදහන…

2020 වසරේ ජූලි මස 7 වන දිනට සිංහළ වීර විදහනට වසර 25ක් සැපිරේ.

සිංහළ වීර විදහන ජාතික සංවිධානයට අවුරුදු 25ක් පසු ගිය 2020 ජූලි මස 7වන දිනට සම්පූර්ණ විය. මේතාක් අපත් සමඟ එකට අත්වැල් බැඳගනිමින් ජාතික මෙහෙවරට අත හිත දුන් මෙන්ම අප අතරින් මිය ගිය සාමාජික මහත්ම මහත්මීන්ටත්, රණවිරුවන් සහ සුජීවත්ව තවමත් අපත් සමඟ ජාතික මෙහෙවරෙහි නියැලී සිටින සෑම සියළු සාමාජික සමාජිකාවන් සඳහා පින් අනුමෝදන් කිරීම සහ ආශිර්වාද…

සිංහළ වීර විදහන පදවි ශ්‍රී පුර කොලොංගොල්ල කෘෂි ව්‍යාපෘතිය දියත් කරමින් – 2019 වසරේ නොවැම්බර් මස 19 වන දින

එදා හෙළ රජ දවස ඉතා සශ්‍රීක පෙදෙසක්ව පැවති පදවිය ප්‍රදේශය ත්‍රස්ථවාදී තර්ජනය මැද අනාරක්ෂිත ගම පදවි ප්‍රදේශයේ මී ඔය නිම්නයේ පිහිටා තිබුණි. නියඟයෙන් පීඩාවට පත් ගම් වැසියන් දිය ඉල්ලා හඬා වැටෙද්දි කිසිවෙකුට ප්‍රයෝජනයක් නොමැතිව මී ඔය මේ ගම මැදින්  වසර මුළුල්ලේ මහ සයුරට ගලා බසී. එදා 2001 වසරේ සිංහළ වීර විදහන ජාතික සංවිධානයේ 6 වන…