සිංහළ වීර විදහන...
සිංහළ වීර විදහන වර්ෂ 1995 ජූලි මස 07 වන දින සාමාජික මහත්ම මහත්මීන් 07 දෙනෙකුගෙන් ආරම්භ විය. එවකට පැවති L.T.T.E. ත්‍රස්තවාදයෙන් අප මාතෘ භූමිය ආරක්ෂා කර ගැනීමටත් සිංහළ ජාතිය වෙනුවෙන් පෙනී සිටීමටත් ප්‍රධාන අරමුණ විය.
එම L.T.T.E. ත්‍රස්තවාදය ත්‍රස්ත සංවිධානයක් බවත් එය යුදමය වශයෙන් මෙන්ම මතවාදීවද පැරදිය යුතු බවත් සිංහළ වීර විදහනයේ අදහස විය.
ඒ වෙනුවෙන් නොබියව අඛණ්ඩව දෙස් විදෙස් ජනතාවද දැනුවත් කරමින් මේ සිංහළ දේශය ආරක්ෂා කරගැනීම උදෙසා පෙරමුණ ගත්තේය.
තවද සිංහළ ජාතියේ ආර්ථිකය ශක්තිමත් කරගැනීම උදෙසා සිංහළ ව්‍යාපාරිකයින් බිහිකරමින් සහ පවතින ව්‍යාපාර ඉහළ ඉමකට රැගෙන යන්නට පුළුල් වූ මෙහෙවරක නියැලෙමින් සිටී.
2020 වසර ජූලි 07 වන දින වසර 25ක් සම්පූර්ණ කළ සිංහළ වීර විදහන අදටත් අප මාතෘ භූමියේ ස්වාධිපත්‍ය බලය වෙනුවෙන් මෙන්ම සිංහළ ජාතියේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින එමෙන්ම ඉන් ඔබ්බට ගිය ජාතික වගකීම් ඉටු කිරීම උදෙසා පෙරමුණ ගත් ජාතික සංවිධානයකි.