කටුවැල් බටු වගාව පදවිය කොලොංගොල්ල ග්‍රාමයට හඳුන්වාදීමේ ව්‍යාපෘතිය...

මෙරට අවශ්‍යතාවය අනුව ගැළපෙන පරිදි ඖෂධීය පැලෑටී වගා කිරීමේ ජාතික මෙහෙවරට උර දෙමින් කටුවැල් බටු වගාව පදවිය කොලොංගොල්ල ග්‍රාමයට හඳුන්වාදීම සිදු කෙරුනි. මෙහිදී අප විසින් කටුවැල් බටු වගාව පිළිබඳව පූර්ණ අවබෝධයක් ගොවි ජනතාව වෙනුවෙන් ක්ෂේස්ත්‍ර භූමියක් තුලදී ප්‍රායෝගිකව අත්දැකීමට ඉඩ ප්‍රස්ථාව සලසා දෙන ලදි.

කටුවැල් බටු වගාව සඳහා තවාන් භූමිය සකස් කරගන්නා ආකාරය, කටුවැල් බටු බීජ සකසා ගැනීම, එම බීජ තවාන් භූමියේ සිටුවීම, එම තවාන් භූමිය බිජ රෝපණය වී වෙන් කළ භූමියේ පැල කල හැකී වන තෙක් ආරක්ෂා කරගනිමින් නඩත්තු කරගන්නා ආකාරය පිළිබඳව පූර්ණ දැනුමක් ගොවි මහත්ම මහත්මීන් හට ලබා දෙන ලදි. එහිදී ඔවුන් හට කටුවැල් බටු බීජ සහ ඉහත ක්‍රියාකාරකම් පියවරෙන් පියවර සිදු කරගන්නා ආකාරය දැක්වෙන අත් පත්‍රිකාද බෙදා දෙන ලදි.

මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය සඳහා අප විසින් මෙම විෂය පිළිබඳව පූර්ණ දැනුමින් පරිපුන් උපදේශක මහත්මයකුද සම්බන්ධ කරගනිමින් සිදු කරන ලදි. ඔහු නාවින්න දේශීය වෛද්‍ය පර්යේෂණායතනයේ පර්යේෂණ නිළධාරී අශෝක කරුණාරත්න මහතායි.

කටුවැල් බටු වගා කිරීමේ අත් පත්‍රිකාව පහතින් බාගත හැක.
බීජ සහ අත්පත්‍රිකා බෙදා දෙමින්...
ක්ෂේස්ත්‍ර භූමියේ අත්දැකීම් ලබමින්...