පදවිය කෘෂි සංවර්ධන ව්‍යාපෘතියේ "දෙවන" අදියර - 2019 වසරේ නොවැම්බර් මස 30 වන දින.

එදා 2001 වසරේ සිංහළ වීර විදහනේ 6 වන සංවත්සරය පදවිය මී ඔය ප්‍රදේශය ආශ්‍රිතව පවත්වන්නට යෙදුනි. ගොවිතැනින් මී ඔය සශ්‍රීක කිරීමට මී ඔය හරස් කර අමුණක් සාදා වාරි පහසුකම් සපයා දී කුඹුරු අක්කර 250කට අධික සංඛ්‍යාවක් පෝෂනය කරන ලදි.

එමෙන්ම 2019 වසරේ නොවැම්බර් මස 30 වන දින එම ව්‍යාපෘතියේ දෙවන පියවර ලෙස මී ඔය අමුණ සාදා අස්වැද්දූ කුඹුරු ආශ්‍රිතව ජතියේ පොහොර ගස වන මී ගස පිළිබඳව දේශනයක් සිදු කර, මී ගස් 200ක් සිටුවීමේ මහඟු කර්තවයට මුල පිරීය.

එදිනම සිංහළ වීර විදහන ජාතික සංවිධානය මඟින් අනුග්‍රාහකත්වය ලබා දෙන පදවි ශ්‍රී තිස්සපුර පවත්වාගෙන යන ඉංග්‍රීසි පන්තියේ දරු දැරියන්ට අත්‍යාවශ්‍ය වූ ඉංග්‍රීසි සිංහළ ශබ්දකෝෂ සහ පෙර පාසල් දූ දරුවන්ට පාසල් බෑග්, වැඩපොත් සහ උපකරණ ද, අඩු ආදායම් ලාභී පවුල් වල දරුවන් 10 දෙනෙකුට අධ්‍යාපන ශිෂ්‍යත්ව ද, තම දරුවන් බුදු සසුනට පූජා කළ මවුවරු සය දෙනෙකුට උපහාරයක් ද, අඩු ආඳායම් ලාභී පවුල් වලට මදුරු දැල් ද, යාය 12 සහ යාය 13 පාසල් සඳහා පුස්ථකාලට අවශ්‍ය පොත් ද ලබා දුනි. මේ සියල්ල සිදු කරනු ලැබුවේ සිංහළ වීර විදහන ජාතික සංවිධානයේ ජතික මණ්ඩල සාමාජික මහත්ම මහත්මීන්ගේ සහ ක්‍රියාකාරී මණ්ඩල සාමාජික මහත්ම මහත්මීන්ගේ නොමසුරු ධන පරිත්‍යාගයෙනි.

එදින වැඩසටහන සඳහා සිංහළ වීර විදහන ජාතික සංවිධානයේ ජාතික මණ්ඩල සාමාජික මහත්ම මහත්මීන්, ක්‍රියාකාරී මණ්ඩල සාමාජික මහත්ම මහත්මීන් සහ විශේෂ ආරාධනයෙන් සුනිල් එදිරිසිංහ මහතා ඇතුළු ප්‍රදේශයේ රජයේ උසස් නිළධාරීන් ඇතුළු ප්‍රදේශවාසී ජනතාවගේ සහභාගිත්වයෙන් පැවැත්වීය.

සිංහළ වීර විදහන ජාතික මණ්ඩල සහ ක්‍රියාකාරී මණ්ඩල සාමාජික මහත්ම මහත්මීන් පදවිය කොලොංගොල්ල පෙරපාසලේ දරු දැරියන් විසින් පිළිගැනීම සහ ගරුතර මහා සංඝරත්නය විසින් පන්සිල් ලබා දීම...

එදින වැඩසටහනට සහභාගී වූ විශේෂ ආරාධිත අමුත්තන් සිංහළ වීර විදහන ජාතික මණ්ඩල සාමාජික මහත්ම මහත්මීන් සමඟ...

තම දරුවන් බුදු සසුනට පූජා කළ මවුවරු සඳහා සිදු කළ උපහාරය...

පදවිය කොලොංගොල්ල පෙරපාසලේ දරු දැරියන් විසින් ඉදිරිපත් කළ නර්තන හා ගායන විශේෂාංගය...

පදවි ශ්‍රී තිස්සපුර ඉංග්‍රීසි පන්තියේ දරු දැරියන්ට අත්‍යාවශ්‍ය වූ ඉංග්‍රීසි සිංහළ ශබ්දකෝෂ, පාසල් බෑග්, අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා දීම සහ යාය 12 සහ යාය 13 පාසල් සඳහා පුස්තකාලයට අවශ්‍ය පොත් ලබාදීම.

මී ගස පිළිබඳව ප්‍රදේශවාසීන් දැනුවත් කිරීම සහ මී ඔය නිම්නයේ මී පැල සිටුවීම...

මීට වසර 18කට පෙර සිංහළ වීර විදහන ජාතික සංවිධානය විසින් ඉදිකල මී ඔය අමුණ ජාතික මණ්ඩල සාමාජික මහත්ම මහත්මීන් නිරීක්ෂනය කරන ආකාරය සහ මී ඔය නිම්නය අසල පැරණි මතකය අවදි කරන මී ඔය ප්‍රදේශ වාසීන්...