පදවිය කෘෂි සංවර්ධන ව්‍යාපෘතිය 2001 වසර

එදා හෙළ රජ දවස ඉතා සශ්‍රීක පෙදෙසක්ව පැවති පදවිය ප්‍රදේශය ත්‍රස්ථවාදී තර්ජනය මැද අනාරක්ෂිත ගම පදවි ප්‍රදේශයේ මී ඔය නිම්නයේ පිහිටා තිබුණි. එකල මෙහි වැසියන්ට රාත්‍රිය අවිනිශ්චිත විය. එබැවින් ගැමියන් තම දරුමල්ලන් සමග නිදි යහන සොයා වනගත විය. නියඟයෙන්ද පීඩාවට පත් ගම් වැසියන් දිය ඉල්ලා හඬා වැටෙද්දි කිසිවෙකුට ප්‍රයෝජනයක් නොමැතිව මී ඔය මේ ගම මැදින් වසර මුළුල්ලේ මහ සයුරට ගලා බසී.

එදා 2001 වසරේ සිංහළ වීර විදහන ජාතික සංවිධානයේ 6 වන සංවත්සරය මේ ගම ආශ්‍රිත කරගෙන පවත්වන්නට යෙදුනි. ආහාර සපයන ගොවියා දැය සුරකින දෙවියාය යන සිංහළ වීර විදහන සංකල්පය මුදුන් කරගෙන ගොවිතැනින් ලස්සන ගම සරු කරන්නට මී ඔය හරස් කර අමුණක් සාදා වාරි පහසුකම් සපයා දීමේ මී ඔය ව්‍යාපෘතිය ඇරඹුණි.

පොල් අතු සෙවිලි කල කටු මැටි ගෙවල් හැර සුවිසල් මැදුරු එදා පදවී ශ්‍රී පුර යාය 12 ගමෙහි නොතිබුණි. මෙම ව්‍යාපෘතිය මඟින් කුඹුරු අක්කර 250ක් අළුතින් අස් වැද්දවීමට හැකියාව ලැබුනි. ඒ සඳහා ගල්කූළම හමුදා මූලස්ථානය ගැමියන්ට මග පෙන්වීම හා ආරක්ෂාව ලබා දෙමින් සම්බන්ධීකරණ කටයුතු සිදුකළේය. සියළු දුක් කම්කටොලු හා ජීවිතයේ පැවති අවිනිශ්චිතභාවය අමතක කොට නොපසූබස්නා වීරියෙන් යූතූව යාය 12 ගැමියන් එකා මෙන් වෙහෙසව වනය එළිපෙහෙලි කොට කුඹුරු අස්වැද්දීය. සිංහළ වීර විදහන මෙම ව්‍යාපෘතිය පිළිබදව නිරතුරුව සොයා බලමින් අවශ්‍ය මූල්‍ය ශකිතිය ලබාදුණි. ඒ අනුව ඉතාමත් කෙටි කලකදී මුඩු බිමක්ව පැවති මීඔය නිම්නය රන්වන් කරලින් බර වූ කෙත්යායක් බවට පරිවර්තනය කළේය. පැසුණ ගොයමේ නැවුම් සුවඳත් සමග ගැමියන්ගේ ජීවිත ද පන්නරය ලැබූහ. ජීවිතයේ අළුත් බලාපොරොත්තු දළුලන්නට විය.

එදිනම මී ඔය ව්‍යාපෘතියට සමගාමීව දරු දැරියන් 172කු අකුරු කරන යාය 12 සිංහපුර මහ විදුහලට රුපියල් ලක්ෂයකට අධික පිරිවැයක් දරමින් නව පුස්තකාල ගොඩනැගිල්ලක් සහ ඊට අවශ්‍ය අළුත් පොත්පත් ද කෝකිලායි මහ විදුහලේ ස්වෙච්ඡා ගුරුවරුන්ට රු.4500/= බැගින් වූ මාසික වැටුප් සහ ගමනා ගමන පහසුව සඳහා පා පැදි ලබා දීම ද සිදු විය.

ඉගෙනීමට උනන්දුව ඇති ආර්ථික දුෂ්කරතා වලින් පීඩා විදින පවුල්වල දරුවන් වෙනුවෙන් “නැණ අභිමන හා සිරිලක් දරිවෝ” ශිෂ්‍යත්ව පිරිනැමීම ද එදින සිදු විය.