සිංහල ව්‍යාපාරිකයන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමත් ඒ සඳහා සිංහල වෙළෙඳ ව්‍යාපාරවල අඩුපාඩු හඳුනාගනිමින්, ඒවා වෙනස් කරමින්, ආකල්පමය වශයෙන් ධනාත්මක වර්ධනයක් ඇතිකිරීමත්, රජයේ සහයෝගය ලබාගැනීමත්, “සිංහල වීර විධානයේ” අරමුණ විය. ඒ සඳහා දිවයින පුරා දේශන, වැඩමුළු පවත්වමින් විශාල මෙහෙවරක් ඉටු කරයි.
සිංහල ව්‍යාපාරිකයන්ගේ කර්මාන්තකරුවන්ගේ දැනුම හා ජාත්‍යන්තර වෙළද ව්‍යාපාර අවස්ථාවන් උදා කරලීම සදහා ඉන්දියාව, චීනයේ canton fair ආදී විදෙස් සංචාර සිදු කරන ලදී. එහි ආරම්භක ප්‍රතිඵලයක් ලෙස “ලංකා එක්සත් වෙළද සංගමය” හෙවත් Luma ආයතනය පිහිටවන ලදී. එසේම සිල්ලර වෙළඳුන් තොග වෙළඳුන් බවටත් කුඩා කර්මාන්ත කරුවන් මහා පරිමාණ කර්මාන්තකරුවන් බවටත් පත්විය. “සිංහල වීර විතානයේ” ක්‍රියාකාරකම් තුළින් ලැබුණු සියලු පරිත්‍යාග සහ සම්පත් සියල්ල අප රටේම අභිවෘද්ධිය උදෙසා යොදවන අතර, නුරාධපුර victory රෝහලට විශාල ඇදම් ප්‍රමාණයක් ලබා දීමට ජර්මනියේ සිංහල වීර විතාන ශාඛාව හරහා කටයුතු කිරීම එක් අවස්ථාවකි.
යුදමය සමයේ රජයට විශාල බලපෑමක් ඇති කිරීමට පොහොසත්තු වූ “සිංහල වීර විධානයට” අපවාද, තර්ජන, ගර්ජන වලට මුහුණ දීමට සිදුවිය. මුත් ඒකායන අදිෂ්ඨානයෙන් හා අභිප්‍රායෙන් යුතුව කටයුතු කළ “සිංහල වීර විදහන” යුද්ධය අවසන් කිරීමට ඉන්ද්‍රකීලයක් සේ පසුපසින් සිට ගත්හ.
නුවර එළිය නගර මධ්‍යයේ පිහිටි ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා ගේ පිළිරුව අප සංවිධානය විසින් ර්ජන ගර්ජන මධ්‍යයේ පිහිටුවන ලද්දකි.
BMICH හී සිංහල ව්‍යාපාරිකයන්ගේ විශාල සල්පිල් හා රැස්වීම් පවත්වමින් සිංහල ව්‍යාපාරිකයන්ගේ ගමනට රුකුල් දුන්නේය.
අපවත් වී වදාළ සෝභිත හිමියන්ගේ නුග්‍රහයෙන් හීනැටිගල මහතාගේ මැදිහත් වීමෙන් “දසත සමාගම” සිටුවා පොලොන්නරුවේ වී විකුණාගත නොහැකි ගොවීන්ගේ වී මිලදී ගැනීමට ක්‍රියාත්මක විය. ඒ මනංපිටියෙන් එහාට සිංහල ජනතාවට පාර විවෘත කරමිනි. හි ප්‍රතිඵලයක් ලෙස එකල “දසත” නමින් සහල් පැකට් වෙළඳපොළට පැමිණියහ.
එස් එල් ගුණසේකර ශිෂ්ශත්ව අරමුදල ආරම්භ කිරීම. සිංහල වීර විදහනයේ තවත් ජයග්‍රහණයක ප්‍රතිඵලයකි. එස් එල් ගුණසේකරයන් ඉදිරිපත් වී ජයග්‍රහණය ලැබූ නඩු කටයුත්තක් සඳහා ලැබුණු මිලියන 6 ක වන්දි මුදලකින් එම අරමුදල අරබන ලදී.
දේශමාන්‍ය ඩී එස් සේනානායක ඉඩම් ලබාදුන්, සිංහල පවුල් නගාසිටුවීම සඳහා එස් එල් ගුණසේකර මහතා ආරම්භ කළ, මී ඔය ව්‍යාපාරය එතුමන්ට අවසන් කිරීමට නොහැකි වූ බැවින්, සිංහල වීර විදහන එහි වැඩ කටයුතු නිම කිරීමට උර දී ඒ සඳහා මිලියන දෙකක් පමණ වියදමකින්, එම පවුල්වල තුන්වන පරම්පරාවේ දරුවන්ට ඉඩම් අක්කර 3 බැගින් ලබා දුන්හ. එහි මායිම් ගම්මානයක පැවැති සිංහල පාසලකට පුස්තකාලයක් හා ෂ්‍යත්ව පරිත්‍යාග කරන ලදී. එම සිසුන් අද ලොකු මහත් වී, මී ඔය ව්‍යාපාරයේ නියමුවන් වී ඇත.
සිංහලයන්ට අහිතිව තිබූ වැල්ලවත්ත රෙදි මෝල වෙනත් කටයුත්තකට ලබා ගැනීමට ක්‍රියා කළ අවස්ථාවේ, එයට මැදිහත් වී එම භූමිය මිලදී ගැනීම සඳහා අරමුදලක් පිහිටුවා මිලියන විස්සක් පමණ එක් කර ගත්හ. නමුත් එම භූමිය විකිණීම අත්හිටවූ නිසා එකතු වූ මුදල අප සංවිධානයේ තැන්පතුවක් ලෙස පවත්වා ගත්හ.
එසේම COYLE සංවිධානය සිංහල වීර විදානේ අනුසාරයෙන් බිහිවීමකි.
2009 වර්ෂයේ යුද්ධය අවසන් වීමත් සමග සිංහල වීර විදහනයේ ක්‍රියාකාරීත්වය තරමක් දුරට අඩපණ විය. නමුත් යළිත් අප එක්රැස් වෙති, ඒ සිංහලයා පෘථිවි තලයෙන් මැකීයාම වළක්වා ගැනීමටය. ඒ මහා සිංහලුන් වෙනුවෙන් සෑම සඳුදා දිනකම අප සිංහල වීර විදහන ය එක්රැස් වෙති, සාකච්ඡා කරති, පවතින ප්‍රශ්න හා ඇතිවීමට යන බාධක, වියාකූලත්වයන් ට පිළියම් සොයති. මෙය අප සිංහලයාගේ අවසන් අවස්ථාව බැවින් සිංහල ජාතිය රැකගැනීමට දිවිහිමියෙන් කටයුතු කිරීමට “සිංහල වීර විදහන” සිංහල” සිංහලයන්ට කෑගසා ආරාධනා කරමු. ඒ මහා අඬහැරයේ ප්‍රථම වෙඩිමුරය “වීර විදහන දැක්ම” රට වටේ යෑමට දැන් සූදානම්.
සිංහල වීර විදහන සංවිධානය කළ වීර විදහන දැක්ම ප්‍රථම අදියර