මහනුවර දී ජාතික ප්‍රතිපත්ති ප්රකාශනය ප්‍රකාශයට පත් කිරීම.
සිංහළ වීර විදහන සිව් වැනි සංවත්සර උළෙල 1999 ජූලි මස 11 වැනිදා මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගනය අසල පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. සිව්දිගින් පැමිණ මහ සෙනග දස දහස ඉක්මවූ බව වාර්තා විණි. මෙම අවස්ථාව කෙතරම් ආකර්ෂණීය වීද යත් රජයත්, කොටි හිතවාදියනුත් මර බිය ගැන්වීමක් ලෙස ප්‍රකට විය. පාර්ලිමේන්තුව තුළ පවා වාද විවාද ඇතිවීමට සිව් වැනි සංවත්සර උළෙල බලපෑ අතර නුවර නගරය මැදින් ඇදී ගිය පෙළපාලිය හෝරා කීපයක් ගතකර බෞද්ධ මධ්‍යස්ථානයට ලඟාවිය. මහා සංඝරත්නය විශාල වශයෙන් වැඩම කර සිටියහ. මෙදින සිදුවූ වැදගත්ම කාරණය වූයේ සිංහළ වීර විදහන ජාතික ප්‍රතිපත්ති ප්රකාශනය නමින් ප්රකාශනයක් නිකුත් කිරීමයි.
එහි ඇතුළත් වූ ප්‍රතිපත්ති 10 ම ගොනු වී තිබුණේ ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් කරා පෙළගැස්වීම සඳහා වූ කොන්දේසිය ඊළාම් වාදය මුළුමනින්ම අතුගා දැමීමට පියවර තැබීම එහි ඉලක්කය විය. මෙම ප්‍රකාශයක් සමගම ගතානුගතික දේශපාලන රාමුව තුළ ද යම් තැතිගැන්මක් හට ගැනිණි. ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ආරක්ෂක ඇමතිව සිටි අනුරුද්ධ රත්වත්තේ ඇමතිවරයෙකුව සිටි මංගල සමරවීර මහත්වරු වීර විදහන අරඹයා ආන්දෝලනාත්මක ප්‍රකාශ පවා කළහ.