එදා හෙළ රජ දවස ඉතා සශ්‍රීක පෙදෙසක්ව පැවති පදවිය ප්‍රදේශය ත්‍රස්ථවාදී තර්ජනය මැද අනාරක්ෂිත ගම පදවි ප්‍රදේශයේ මී ඔය නිම්නයේ පිහිටා තිබුණි. නියඟයෙන් පීඩාවට පත් ගම් වැසියන් දිය ඉල්ලා හඬා වැටෙද්දි කිසිවෙකුට ප්‍රයෝජනයක් නොමැතිව මී ඔය මේ ගම මැදින් වසර මුළුල්ලේ මහ සයුරට ගලා බසී.
එදා 2001 වසරේ සිංහළ වීර විදහන ජාතික සංවිධානයේ 6 වන සංවත්සරය මේ ගම ආශ්රිත කරගෙන පවත්වන්නට යෙදුනි. ආහාර සපයන ගොවියා දැය සුරකින දෙවියාය යන සිංහළ වීර විදහන සංකල්පය මුදුන් කරගෙන ගොවිතැනින් ලස්සන ගම සරු කරන්නට මී ඔය හරස් කර අමුණක් සාදා වාරි පහසුකම් සපයා දීමේ මී ඔය ව්‍යාපෘතිය ඇරඹුණි.
පොල් අතු සෙවිලි කල කටු මැටි ගෙවල් හැර සුවිසල් මැදුරු එදා පදවී ශ්‍රී පුර යාය 12 ගමෙහි නොතිබුණි. මෙම ව්‍යාපෘතිය මඟින් කුඹුරු අක්කර 250ක් අළුතින් අස් වැද්දවීමට හැකියාව ලැබුනි.
එදිනම මී ඔය ව්‍යාපෘතියට සමගාමීව දරු දැරියන් 172කු අකුරු කරන යාය 12 සිංහපුර මහ විදුහලට රුපියල් ලක්ෂයකට අධික පිරිවැයක් දරමින් නව පුස්තකාල ගොඩනැගිල්ලක් සහ ඊට අවශ්‍ය අළුත් පොත්පත් ද කෝකිලායි මහ විදුහලේ ස්වෙච්ඡා ගුරුවරුන්ට රු.4500/= බැගින් වූ මාසික වැටුප් සහ ගමනා ගමන පහසුව සඳහා පා පැදි ලබා දීම ද සිදු විය.
ඉගෙනීමට උනන්දුව ඇති ආර්ථික දුෂ්කරතා වලින් පීඩා විදින පවුල්වල දරුවන් වෙනුවෙන් “නැණ අභිමන හා සිරිලක් දරිවෝ” ශිෂ්‍යත්ව පිරිනැමීම ද එදින සිදු විය.
එසේම 2019 වසරේ නොවැම්බර් මස 30 වන දින එම ව්‍යාපෘතියේ තවත් එක් දිගුවක් ලෙස එදා මී ඔය අමුණ සාදා අස් වැද්දු කුඹුරු ආශ්‍රිතව ජාතියේ පොහොර ගස ලෙස හඳුන්වන මී ගස් 200ක් සිටුවීමේ මහඟු කර්තවයට මුල පුරවනු ලැබීය. එදිනම සිංහළ වීර විදහන මඟින් අනුග්‍රාහකත්වය ලබා දෙන පදවි ශ්‍රී තිස්සපුර පවත්වාගෙන යන ඉංග්‍රීසි පංතියේ දරු දැරියන්ට අවශ්‍ය ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂ සහ පෙර පාසල් දරුවන්ට පාසල් බෑග්, වැඩපොත් සහ උපකරණද, අඩු ආදායම් ලාභී දරුවන් 10 දෙනෙකුට ශිෂ්‍යත්ව ද, තම දරුවන් බුදු සසුණට පූජා කල මවුවරුන් සය දෙනෙකුට උපහාරයක් ද, අඩු ආදායම් ලාභී පවු වලට මඳුරු දැල් ද, යාය 12 සහ යාය 13 පාසල් වල පුස්තකාල වලට අවශ්‍ය පොත් ද ලබා දුනි. මේ සියල්ල සිදු කරනු ලැබුවේ එදා මෙන්ම සිංහළ වීර විදහන ජාතික සංවිධානයේ ජ්‍යේෂ්ඨ සාමාජික සාමාජිකාවන්ගේ නොමසුරු ධන පරිත්‍යාගයෙනි. 2001 වසරේ දී මෙන නොව අද ඒ මී ඔය නිම්නයේ ලස්සන ගම සැබවින්ම ලස්සනය, සශ්‍රීකය. දරුවන් හොඳින් අධ්‍යාපනය හදාරා උසස් අධ්‍යාපනය සඳහා විශ්ව විද්‍යාල වරම් ද ලබා ගෙන සිටිති.