දිළිඳු පවුල් නගා සිටුවීමේ ව්‍යාපෘතිය...

මෙම ව්‍යාපෘතිය මඟින් දරුවන් දෙදෙනෙකුට වඩා සිටින අඩු අදායම් ලාභී පවුල් වෙනුවෙන් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද ව්‍යාපෘතියකි.

නැගෙනහිර පළාතේ වෙසෙන සිංහළ පවුල් වල ආර්ථික ශක්තිය බලගන්වමින් නැගෙනහිර පළාතේ සිහළ උරුමය යලි ස්ථාපිත කිරීම සහ අඩු ආදායම් ලාභී පවුල් සඳහා ස්වයං රැකියා හා ව්‍යාපාර කටයුතු කිරීමට අවශ්‍ය සහය ලබා දීම.

  • ස්වයං රැකියා සඳහා යන්ත්‍ර උපකරණ ලබා දීම.

  • ඒ සඳහා අවශ්‍ය වෘත්තීය මාර්ගෝපදේශනය සැපයීම.

  • එම නිෂ්පාදන සඳහා වෙළඳපල සොයාදීමට සහය වීම.

  • දූ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය ශිෂ්‍යාධාර පිරිනැමීම.

වැනි කාරණා සපුරා ගැනීමට උපකාර කරනු ලබයි, මේ වන විට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරු නුවර ප්‍රදේශයේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් පවති.මේ වෙනුවෙන් දායකත්වය සපයනු ලබන්නේ අප දෙස් විදෙස් ශ්‍රී ලාංකික ජනතාවයි.

ඔබටත් අපත් සමඟ මාසිකව අවම 1$ එකක් වැනි සුළු මුදලකින් මෙම සත් ක්‍රියාව වෙනුවෙන් දායක විය හැක. අපගේ බැංකු ගිණුම් තොරතුරු පහතින් දැක්වේ.

මේ වන විටත් සිංහළ වීර විදහන ජාතික සංවිධානය විසින් පවුල් විස්සකට ආසන්න සංඛ්‍යාවකට ආධාර උපකාර කරන අතර, එකී පවුල් වල  ඡායාරූප කිහිපයක් පහතින් පෙන්වා ඇත.

 

***ඔබ විසින් 1$ට වඩා වැඩි මුදලක් අරමුදල වෙනුවෙන් දයකත්වය සපයන්නේ නම් පහත ඇති අපගෙ පෝරමයෙන් අපව සම්බන්ධ කර ගන්නා ලෙස කාරුණිකව දන්වමු.

අපගේ බැංකු ගිණුම් තොරතුරු

බැංකුව : සම්පත් බැංකුව
ශාකාව : බොරැල්ල ශාඛාව
ගිණුම් අංකය : 0004 6000 0750
ගිණුමේ නම : සිංහළ වීර විදහන