සිංහළ වීර විදහන විසින් 13 වන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ භයානක කම සහ පළාත් සභාව රටේ ආර්ථිකයට බරක් වන අයුරු පෙන්වා දෙන විශේෂ සම්මන්ත්‍රණයක් පසුගිය 2020 සැප්තැම්බර් මස 29 වන දින ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවනාගාරයේදී පැවැත්වීය.
මෙම සම්මන්ත්‍රණයේ දේශකවරුන් වශයෙන් පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස තෙරුන්, පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා සහ ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා සහභාගී විය.
සම්මන්ත්‍රණය සඳහා පූජ්‍ය පක්ෂයෙන් ද, විශේෂ ආරාධිත අමුත්තන් ද දේශීය ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු විද්‍යුත් සහ මුද්‍රිත ජනමාධ්‍යවේදීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුනි. එදිනම 13 වන ව්‍යවස්ථා සංශෝධනය සහ පළාත් සභා ක්‍රමය අහෝසි කරන ලෙස රජයෙන් ඉල්ලමින් ජනතා පෙත්සමක් ද අත්සන් කිරීමට කටයුතු යෙදුනි