සිංහළ වීර විදහන විසින් පදවි ශ්‍රීපුර ප්‍රදේශයේ ව්‍යපෘතීන් හතරක් සාර්ථකව නිම කරන ලදි.

පසුගිය 2021 පෙබරවාරි මස 25 වන දින සිංහළ වීර විදහන ජාතික සංවිධානයේ ජාතික මණ්ඩල සාමාජිකයන් වන සුරේන් අභයගුණසේකර, කුලතුංග රාජපක්ෂ, කරූ හීනටිගල සහ සුජාතා විජේසිංහ යන මහත්ම මහත්මීන් සහ ක්‍රියාකාරී මණ්ඩල සාමාජික තිලක් කලු ලියනගේ, මලිත් විජේසිංහ, මනුර වන්නිඅච්චි, ලකිත් ජිනදාස යන මහත්වරුන් සිංහළ වීර විදහනේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද ව්‍යාපෘතීන් කිහිපයක් සාර්ථකව අවසන් කර ඒවායෙහි ආරම්භක උත්වසවය සඳහා පදවි යාය 11,12 පාසලේ විශේෂ උත්සවයකට සහභාගී වන ලදි.

එම ව්‍යාපෘතීන් අතර පදවි යාය 11,12 මහ විද්‍යාලය සඳහා ජල ය ලීටර 2000ක ධාරිතාවයකින් යුත් ජල පෙරණ යන්ත්‍රයක් සවි කිරීම, ජාතික ආධුනිකත්ව සහ කර්මාන්ත පුහුණු ආයතනය (ණැඓඨෑ සමඟ සහභාගී වී එම පාසලේම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම, පදවි පළුගහ වංගුව පාසලට පරිඝණක යන්ත්‍ර ලබා දීම, ශවණ දුෂ්කරතා ඇති දරුවකුට මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම, ප්‍රදේශයේ ස්වයං රැකියාවේ යෙදීමට කැමති දිරිය කතුන් දස දෙනෙකුට මහජන බැංකු වනිතා වාසනා බැංකු ගිණුම් 10ක් ලබා දීම, පදවි යාය 11,12 විද්‍යාලයට සහ පළුගහවංගුව පාසලට පුස්ථකාල සඳහා පොත් ලබා දීම, පදවි යාය 11,12 විද්‍යාලයට පාසල් උපකරණ, අභ්‍යාසපොත් සහ පාසල් බෑග් ලබා දීම වැනි ව්‍යාපෘතින් කිහිපයක්ම එදින සිදු කරන ලදි.

එසේම එදින පස්වරුවේ මීඔය නිම්නයේ ඉදි කර ඇති නව වීර විදහන කාර්යාලයද විවෘත කර නව සාමාජිකයන් බදවා ගැනීම සඳහා අයදුම්පත් ලබා දෙන ලදි. ඉන් පසු කුලතුංග රාජපක්ෂ මහතා සහභාගී වී සිටි අය වීර විදහනේ පරමාර්ථ සහ සාමාජික වගකීම් පිළිබඳව දැනුවත් කිරීමක් ද සිදු කරන ලදි. එම අවස්ථාවන්ගේ ඡායාරූප එකතුවක් පහතින් සඳහන් වේ.

වීර විදහන සාමාජිකයන් පිළිගන්නා පාසල් සිසු සිසුවියන්

ජල පෙරණ යන්ත්‍රය විවෘත කිරීම

NAITA වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වීවෘත කිරීම

ශ්‍රවණ දුෂ්කරතා ඇති දරුවකු වෙනුවෙන් මුල්‍යමය පරිත්‍යාගයක් සිදු කිරීම

පළුගහවංගුව පාසලට පරිඝණක යන්ත්‍ර සහ පුස්තකාල පොත් පරිත්‍යාග කිරීම

ස්වයං රැකියාවක නියැලීමට කැමති දිරිය කතුන් වෙනුවෙන් මහජන බැංකු ඉතුරුම් ගිණුම් ආරම්භ කර දීම

අඩු ආදායම් ලාභී පවුල් දෙකක දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් උදව් කිරීම

පදවි ශ්‍රීපුර යාය 11,12 පාසලේ පුස්තකාලයට පොත් ලබා දීම සහ අධ්‍යාපන උපකරණ සහ අභ්‍යාසපොත් ලබා දීම

වීර විදහන ශාකාව විවෘත්ත කිරීම හා පැමිණි සාමාජිකයන් දැනුවත් කිරිම