සිංහල වීර විදහන බිහිවීමට බලපෑ මූලික පසුබිම.
එකමුතුව රැකගනිමු යන තේමාව යටතේ සිංහල වීර විදහන බිහිවීමට මූලික හේතුව ශ්‍රී ලංකාවේ ඒකීය භාවයට තර්ජනය කරමින් උතුරු නැගෙනහිර ඔස්සේ මතුවී ආ බෙදුම්වාදී මිලේච්ඡ ත්‍රස්තවාදයයි. බිහිසුනු මිනිස් ඝාතනයි. පූජ්‍ය පක්ෂයේ ප්‍රධානීන්, මෙරට දේශපාලන නායකයින් බුද්ධිමතුන් මරා දැමීම. සිද්ධස්ථාන හා ආර්ථික මධ්‍යස්ථාන බිඳ දැමීම මගින් මෙරටට සිද්ධ වන විනාශය සහ රට ඓතිහාසික උරුමය හිමි සිංහලයන්ගේ ජාතික ආගමික, සංස්කෘතික හානිය සුළුජන බැඳියාව පළදුවීම, ජාත්‍යන්තරව රටට ඇති වන අපකීර්තිය. ” පුංචි පවුල රත්තරන්” සංකල්පය හරහා සිද්ධවන සිංහල ජන සංහාරය ගෝලීය ආර්ථික හරහා දේශීය ආර්ථිකය දුර්වල වීම. කෘෂි කර්මාන්තය බිඳ වැටීම මගින් ශ්‍රී ලංකාවේ අනාගතයට එල්ල වන සුවිශාල තර්ජනයන්ට ජාතියක් හැටියට මුහුණදීම ඉතා භයානක විය. කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරන ලද ඓතිහාසික දිඹුලාගල වැඩ විසූ කිතලගම සීලාලංකාර හිමියන්ගේ ආදාහන පූජෝත්සවය ට සහභාගි වූ මෙරට දේශප්රේමී ව්‍යාපාරිකයන් කීප දෙනෙක් ජාතිය ට ඇති වෙමින් පවතින මේ භයානක ඉරණම ගැන කතිකාවක යෙදුනහ. ඒ අනුව 1995 ජූලි මස 7 දා ව්‍යාපාරිකයන් හා විවිධ වෘත්තිකයන් හත්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වශයෙන් සිංහල වීර විදහන කොළඹ දී පිහිටුවා ගන්නා ලදී.