සිංහළ වීර විදහන ජාතික සංවිධානයට අවුරුදු 25ක් පසු ගිය 2020 ජූලි මස 7වන දිනට සම්පූර්ණ විය. මේතාක් අපත් සමඟ එකට අත්වැල් බැඳගනිමින් ජාතික මෙහෙවරට අත හිත දුන් මෙන්ම අප අතරින් මිය ගිය සාමාජික මහත්ම මහත්මීන්ටත්, රණවිරුවන් සහ සුජීවත්ව තවමත් අපත් සමඟ ජාතික මෙහෙවරෙහි නියැලී සිටින සෑම සියළු සාමාජික සමාජිකාවන් සඳහා පින් අනුමෝදන් කිරීම සහ ආශිර්වාද කිරීම එදින සිදුවිය. බොරැල්ල තරුණ බෞද්ධ සංගම් ශාලාවේ පවත්වන ලද මෙම ධර්ම දේශනාව මෙහෙයවන ලද්දේ අති පූජ්‍ය ආචාර්ය මාවරලේ භද්දිය හිමියන් විසිනි. ඒ සඳහා ජාතික මණ්ඩල, ක්‍රියාකාරී මණ්ඩල සාමාජික මහත්ම මහත්මීන් මෙන්ම සියළු සාමාජිකයින් සහ අප අතරින් වෙන් වී මිය ගිය සාමාජික සාමාජිකාවන්ගේ දූ දරුවන් ද සහභාගී විය.