අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොටි නායක ප්‍රභාකරන් සමග අත්සන් කළ නීති විරෝධී සටන් විරාම ගිවිසුම මගින් මෙරට ට අත්වන ඉරණම පැහැදිලි කළ වීර විදහන එමගින් රට බෙදා වෙන් කිරීමක් සිදු වී තිබෙන බව පෙන්වා දුන්නේය. එමගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාව පහත් කර ඇති අයුරු ද පෙන්වා දී ඊට දැඩි විරෝධය පළ කළේය. එම සීමා මායිම් සියල්ල අහෝසි ව අද රටේ ඒකීය භූමියක් සහ ඒකීය රාජ්‍යයක් බිහි ව තිබේ.