සිංහළ වීර විදහන ජාතික සංවිධානය නුවර එළිය ඉදිකල ශ්‍රීමත් අනගාරික ධර්මපාල පිළිරුවට පුෂ්පෝපහාරයක් 2020 සැප්තැම්බර් 17 වන දින පවත්වන ලදි.

 සිංහළ වීර විදහන ජාතික සංවිධානයේ නුවර එළිය ශාකාවේ සාමාජික මහත්වරුන් විසින් 2020 සැප්තැම්බර් 17 වන දිනට යෙදෙන 156 වන ශ්‍රීමත් අනගාරික ධර්මපාල ගුණානුස්මරනය වෙනුවෙන් පුෂ්පෝපහාරයක් නුවරඑළිය නගර වටරවුමේ ඇති සිංහළ වීර විදහන විසින් ඉදිකරන ලද අනගාරික ධර්මපාල පිළිමයට සිදු කරන ලදි. මෙම අවස්ථාව සඳහා ගෞර්වනීය පූජ්‍ය පක්ෂයත්, රජයේ සහ පොලීසියේ උසස් නිළධාරීන් ද, වීර විදහන සාමාජික සාමාජිකාවන්ගෙන් සහ පාසල් දරුවන්ගේ සහභාගිත්වයෙන් පැවතුනි.