වතුකරයේ සැගවුණු ත්‍රස්තයන් හෙළි කිරීම.
උතුරු නැගෙනහිර පමණක් නොව කඳුරට වතුකරයේ ද ත්‍රස්තවාදීන් සැඟවී සිටින බව වීර විදහන කියා සිටියේය. විශේෂයෙන් වෙස්වලාගත් ත්‍රස්තයන් සිටින බව පෙන්වා දුන්නේය. කඳුකරයේ සිංහලයන්ට සිදුවන අසාධාරණකම් හෙළි කර ගන්නා ලද්දේ ද වීර විදහන මගිනි. විශේෂයෙන් නුවරඑළියට අරක් ගත් කොටි විවිධ ගැටුම් පවා ඇති කළ සැටි මුළු රටටම හෙළි වූයේය. පාර්ලිමේන්තු වරප්‍රසාද ලත් කොටි ඒ අතර කැපී පෙනුණි. ශ්‍රී පාද විද්‍යා පීඨය තුළ සිංහල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ද, සිංහල ගුරුවරුන්ට සිදුවූ අසාධාරණකම් තරමක් හෝ අවම කිරීමට නායකත්වය දුන්නේ සිංහල වීර විදහනයි. ගරු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත වාර්තාවක් පිළිගන්වමින් එම අසාධාරණයන් පෙන්වා දුන්නේය.බන්දුතිලක ගමගේ මහතා ඒ සඳහා විශේෂ කැපවීමක් කරනු ලැබීය.