මිලේච්ඡ ත්‍රස්තවාදීන් පරාජය කිරීම සඳහා දේශයේ අභීත රණවිරුවන් දිවි නොතකා කරන කැපවීම සිංහල වීර විදහන මහත් ගෞරවයෙන් සැලකුවේය. ජාතිය රැකෙන්නේ දේශය රැකුණොත් පමණි යන දහමෙන් ක්‍රියා කළ වීර විදහන රණවිරුවන්ගෙන් මෙහෙවර සෑමවිටම පළමු කොට සැලකුවේ ය. අනුරාධපුර රණවිරු (වික්ටරි) රෝහල පමණක් පිරිනැමූ යන්ත්‍ර සූත්‍ර උපකරණ සහ ඖෂධ වල වටිනාකම එක්කෝටි අට ලක්ෂයක් පමණ විය.
පදවිය, මන්නාරම හා වෙනත් යුධ හමුදා කඳවුරුවල අවශ්‍යතා පරිදි පිරිනැමූ ඖෂධ, වතුර මෝටර් සහ වෙනත් උපකරණ වල වටිනාකම ලක්ෂ ගණනකි. ත්‍රස්තවාදය පරාජය කළ යුත්තේ යුදමය ක්‍රියාමාර්ගයක් තුළින්මය යන්න පෙන්වා දුන් වීර විදහන රණවිරුවා වෙනුවෙන් උදව් කිරීමට කිසි විටෙකත් නොසැලුනේය.