යුද්ධයෙන් අවතැන් වූ සිංහල පවුල් වෙත සහන සැළසීම.
සිංහල වීර විදහන මූලික ප්‍රතිපත්තිය කොට සැලකූයේ සිංහල ජනතාවගේ අභිවෘද්ධියයි. හේතුව සෙසු ජන කොටස්වල අයිතීන් සුරැකීම සඳහා බොහෝ සංවිධාන තිබේ. දේශපාලඥයෝ සිටිති. විශේෂයෙන් ජාත්‍යන්තර සංවිධාන පෙනී සිටියේ සුළු ජන කොටස් වෙනුවෙනි. ජාත්‍යන්තරව පිළිගත් නීතිය අනුව මෙරට ඓතිහාසික උරුමයකට හිමිකම් ඇති සිංහල ජනතාව කෙරේ සීස් කිසිදු අනුකම්පාවක් එම ආයතනවලින් නොලැබිණි. උතුරු නැගෙනහිර පදිංචිව සිටි සිංහලයන්ව ත්රස්තවාදීන් විසින් සමූල ඝාතනය කරනු ලදී. කොළඹ මෙන්ම සෙසු නගර වල දී ද තොග පිටින් ඝාතනය වූ ජනතාව අතර බහුතරය සිංහලයන් ය. එබැවින් සිංහලයන්ට මුල් තැනක් දීම ට වීර විදහන සෑම විටම ක්‍රියා කළේය. එහෙත් ජාතික සමගිය පිළිබඳ කාරණයේ දී ජාතිවාදී ලෙස හැසිරීමට වීර විදහන කිසිවිටෙකත් උත්සාහ නොකළේ සිංහලයා මානව නිදහසක් මනුෂ්‍යත්වයත් හොඳින් දැන හඳුනන බැවිනි. අවතැන් වූ සිංහල පවුල් සොයා ගොස් වියලි ආහාර ද්‍රව්‍ය ඇඳුම් පැළඳුම් ලබා දුන්නේය. පදවිය, ජනකපුර, සම්පත් නුවර ආදී ස්ථාන වල අවතැන් ව සිටි අය දහස් ගණනකට උදව් කළේය. එපමණක් නොව ඔවුනට සිය ගම්බිම් නොහැර යන ලෙසද ඉල්ලා සිටියේය. විශේෂයෙන් උතුර නැගෙනහිර පදිංචිව සිටි පවුල් ගැන විස්තර සොයා එම පවුල් නැවත පදිංචි කරවීම සඳහා වැඩපිළිවෙලකට රජයේ අවධානය යොමු කිරීමටද වීර විදහන පියවර ගත්තේය.