පක්ෂ දේශපාලනයෙන් තොරව ජාතිය එකමුතු කිරීම .

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති හැමදාමත් එකතැන පල් වන්නේ පක්ෂ දේශපාලනයේ අස්ථාවර හා අවුල් සහගත භාවය හේතුවෙනි. පක්ෂ පාට බලා බලය ක්‍රියාත්මක වීම තුළ රටේ පොදු සංවර්ධනය දැඩි සේ මන්දගාමී විය. එය රටක් හැටියට බරපතළය. වීර විදහන එම අවාසනාවන්ත දුර්වලතාවයට හේතු හැටියට පක්ෂවල පවතින අසමගි කම හදුනා ගනු ලැබීය. අවම වශයෙන් ත්‍රස්තවාදය තුරන් කිරීමටවත් සියලු පක්ෂ එකමුතුව ක්‍රියාත්මක කරන්නැයි පොදු ආයාචනයක් කර සිටියේය. සැබැවින්ම අද එය සාර්ථක වී තිබේ. බෙදුම්වාදීන්ට ත්‍රස්තවාදීන්ට පරාජය අත්කර යුද්ධය නිමා කළ හැකිවූයේ එබැවින්ය.