ධර්මපාල චින්තනය ඉදිරියට ගෙන යාම.

“සිංහලයිනි නැගිටියව් රට ජාතිය බේරා ගනිව්” යන ධර්මපාල කාහළ නාදයට යළි ජීවය දී එතුමාගේ චින්තනය ද ගමනට ගුරු උපදේශ කරගත් වීර විදහන රටපුරා ධර්මපාල තුමා අනුස්මරණය කිරීමට පියවර තබමින් ධර්මපාලතුමාගේ පිළිරූ රැසක් නගර කීපයක ඉදිකිරීමටද කැපවිය. නුවරඑළියේ ධර්මපාල පිළිරුව ස්ථානගත කිරීමේදී අභියෝග රැසක් ද එල්ල විය. ද ධර්මපාල තුමා වැඩි වැඩියෙන් සිහිපත් කරන පිරිස එළියට ආවේ ද වීර විදහන ධර්මපාල තුමා සිහිපත් කිරීමට ගත් පියවරේ ප්‍රතිඵලයක් ලෙසය. හෝමාගම නගර මධ්‍යයේ පිහිටවූ ධර්මපාල ප්‍රතිමාව අබියස වාර්ෂික උපහාර උත්සව පැවැත්වේ.