ත්‍රස්තවාදී බෙදුම්වාදය තහවුරු කිරීමේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැරදවීම.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය ගේ පාලනය යටතේ 2000 වර්ෂයේ අගෝස්තු මස 1 වැනිදා පාර්ලිමේන්තු ගත කර සම්මත කිරීමට සැරසුණු ත්‍රස්ත ගැති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බෙදුම්වාදීන්ගේ උවමනාවන් හා සැලසුම් අන්තර්ගත එකක් බවට මෙරට විද්වත් ජනයාගේ හඳුනාගැනීම විය. මෙය පාර්ලිමේන්තු ගත කර සම්මත කරගැනීමේ කූඨ උත්සාහය වළක්වාලීමට වීර විදහන මහා සංඝරත්නය සමග පාර්ලිමේන්තුව වටකර විශාල උද්ඝෝෂණයක් පැවැත් වීය. තවත් විවිධ සංවිධාන ද ඊට සහය දැක්වූ අතර කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු මහා සංඝරත්නය වඩාත් කැපී පෙනෙනි. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එදා මහා සංඝරත්නයේ ඉදිරියට පැමිණ එය සම්මත කිරීමට ඉඩ නොදෙන බව පොරොන්දුවක් වීමෙන් අනතුරුව ජයග්‍රාහක ලීලාවෙන් වීර විදහන ඇතුළු පිරිස විසිර ගිය අතර එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද එතනින්ම අහෝසි විය.