ගොවියා සහ කෘෂිකර්මාන්තය රැකගැනීම.

“ආහාර ලබා දෙන ගොවියා වෙයි දැය සුරකින දෙවියා” තේමාව යටතේ ගොවියාට හිමි තැන ලබා දීමට ද වීර විදහන 1998 සිට ලබා දුන්නේ ප්‍රමුඛ තැනකි. ජාතියට බත සපයන ගොවියා ජාවාරම්කාරයන් ගේ ග්‍රහණයේ අසරනව තමන්ගේ අස්වැන්නට මිලක් නැතිව සිටියදී රු 6.50/- කට තිබූ රජයේ සහතික වී මිලට අභියෝග කළ වීර විදහන රු 9.50/- දක්වා ඔසවා ගොවියාගේ වී මිලට ගත්තේය. මෙම ක්‍රියාදාමයට එරෙහිව වී ජාවාරමේ සැඟවී සිටි දේශපාලකයෝ මාධ්‍ය හරහා විශාල අභියෝග කළහ. පොළොන්නරුව, මහවැලි බී කලාපයෙන් ගොවීන්ගෙන් වී පන්සල සමඟ ඒකාබද්ධව මිලට ගෙන “දසත සහල්” නමින් වෙළඳපොළට නිකුත් කළේ ගොවියාටත් පාරිභෝගිකයාටත් විශාල දිරියක් සහ සහනයක් දෙමින්ය. උතුරු මැද පළාතේ පදවියේ යාය 12 මී ඔය අද්දර කුඹුර අක්කර 250 ක් අලුතින් අස්වද්දා ගොවි පවුල් 120 ක් අතර බෙදා දෙන ලද්දේ ඉතා සරු අස්වැන්නක් ද සමග ය. රට සහල් වලින් ස්වයංපෝෂිත කර ගොවියා ශක්තිමත් කිරීමට ගත් උත්සාහයට දේශපාලකයන්ගෙන් එල්ල වූ අභියෝග එමටයි. එහෙත් ගොවියා වෙනුවෙන් වීර විදහන ලබා දුන් ආදර්ශය අද රජය මගින් ක්‍රියාවට නංවා ඇත. ගම්පහ පුරන් වූ වෙල්යායක් අස්වද්දා එම ප්‍රදේශවාසීන්ද ගොවිතැන කෙරෙහි යොමු කිරීමට ගම්පහ ශාඛාව වෙනුවෙන් සුජාතා විජේසිංහ මහත්මියත්, ශාන්ත විජේසිංහ මහත්මාත් කටයුතු කිරීම තවත් පියවරකි.