ත්‍රස්තවාදය අඩපණ කිරීම සඳහා සිංහළ වීර විදහන ක්‍රියාවට නැංවූ කාර්ය භාරයන් අතර දස ලක්ෂයක ගේ අත්සන සහිත පෙත්සම ඉතාමත් සුවිශේෂී කාරණයක් විය. දිවයින පුරා පධාන නගර රැසක දී අදාළ අත්සන ලබා ගන්නා ලදී. ත්‍රස්තවාදයට විරුද්ධ අය වර්ග භේදයකින් තොරව එයට අත්සන් තැබූහ. යුරෝපීය රටවල කොටි සංවිධානය තහනම් කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා සිටියේ ය. දහස් ගණනින් යුත් පෙළපාලියකින් ගොස් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් වෙත අත්සන් පෙත්සම භාර දුන් අතර ප්‍රංශ, ඇමරිකානු, ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලය වෙත ද ඒ සඳහා ගොස් උද්ඝෝෂණ කළහ. ප්‍රමාද වී නමුත් අප කළ ඉල්ලීම ක්‍රියාත්මක කිරීමට එම රටවලට අවසානයේ සිදුවිය. මුළු ලොවම අද ත්‍රස්තවාදයට එරෙහිව පෙළ ගැසෙන අයුරු දැකිය හැකිය. එය ද අපට ආඩම්බරයකි.