ඉන්දු ලංකා ගිවිසුමෙන් එකාබද්ධ කරන ලද උතුරු නැගෙනහිර පලාත් යලි වෙන් කිරීම.

1987 ඉන්දු ලංකා ගිවිසුම මගින් උතුරු නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කරන ලදී. එමගින් අපේක්ෂිත අරමුණ ට වඩා වාසි සිදු වූයේ කොටි ත්‍රස්තවාදීන්ට ය. වීර විදහන නොයෙක් වර මෙම දෙපළාත නැවත වෙන් කරන ලෙස ඉල්ලා සිටියේය. එම දෙපළාත වෙන් කිරීම මගින් ත්‍රස්තවාදය පරාජය කිරීමට පහසු වන බව වීර විදහන කියා සිටි කාරණය යි. එවකට මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමත් සමඟ ඉල්ලා සිටි එම වෙන් කිරීම සිදුවිය. ඒ අප ලද ජයග්‍රහණයක් හැටියට සටහන් කිරීමට හැකිය.