ආබාධිත රණවිරුවන්ට ස්වයං රැකියා මාර්ග සැලසීම හා ආධාර උපකාර කිරීම.

ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටින රණවිරුවන් දිරිමත් කිරීම මෙන්ම ත්‍රස්තවාදීන් සමඟ සටන් වැද ආබාධිතයන් බවට පත් වූ රණවිරුවන් කෙරේද වීර විදහන අවධානය යොමු කළෝ ය. රාගම රණවිරු සෙවණ එවැනි ආබාධිතයන්ට රෝද පුටු, කිහිලිකරු, ඇඳුම්, සබන්, දත් බෙහෙත්, තුවා ආදිය පරිත්‍යාග කළේය. ස්වයං රැකියාවල නිරත විය හැකිය ආබාධිත රණවිරුවන්ට ත්‍රීරෝද රථ, මහන මැෂින් ලබාදී ඔවුනගේ සමාජ ජීවිතය වඩාත් පරිපූර්ණව හා අභිමානයෙන් යුතුව ගෙවීමට අවස්ථාව සැලසී ය. මේ කටයුතු වල දී වීර විදහන කාන්තා සංවිධානය ලබාදුන් දායකත්වයද අමතක කළ නොහැකිය.