අන්තර්වාර ස්වයං පාලන අධිකාරි යෝජනාවලියට එරෙහි වීම.
කොටි සංවිධානය තම ඉලක්කය ජය ගැනීමට ජාත්‍යන්තර ප්‍රජාව සමඟ නොයෙක් උපාය මාර්ග සෙවීය. එහි පියවරක් වූයේ 2004 වර්ෂයේ ගෙන ආ “අන්තර් වාර ස්වයං පාලන අධිකාරි” යෝජනාවලිය යි.
එම යෝජනාවලිය ගෙන එනු ලැබුවේ 2003 වර්ෂයේ ඔස්ලෝ සාම සාකච්ඡා අසාර්ථක වීමෙන් අනතුරුවයි. මෙම අන්තර්වාර යෝජනාවලියේ ඊළාම් රාජ්‍යය වෙනත් මුහුණුවරකින් ලබා ගැනීමට ගත් උත්සාහයක් බව අවබෝධ කරගත් වීර විදහන ඊට එරෙහිව ජාතිය දැනුවත් කර එම අන්තර්වාර ස්වයං පාලන යෝජනාවලිය මගින් ඇතිවන ප්‍රතිවිපාක පිළිබඳ සිංහල ඉංග්‍රීසි විවරණයක් ද නිකුත් කර ජාතිය දැනුවත් කළේය. එම යෝජනාවලිය ද හැකිලී ගියේය.