සිංහළ වීර විදහන ජාතික සංවිධානය විසින් ඉදිකල ශ්‍රීමත් අනගාරික ධර්මපාල පිළිරුවට පුෂ්පෝපහාරය සහ සාමාජික හමුව 2019 සැප්තැම්බර් 17 වන දින පවත්වන ලදි.

සිංහළ වීර විදහන ජාතික සංවිධානය විසින් නුවර එළිය නගර මධ්‍යයේ ඉදිකල ශ්‍රීමත් අනගාරික ධර්මපාල පිලිරුව අසල එතුමාගේ ගුණානුස්මරණයක් සහ නුවර එළිය ප්‍රදේශයේ සිංහළ වීර විදහන සාමාජික හමුවක් නුවර එළිය සමුපාකාර උත්සව ශාලාවේ 2019 වසරේ සැප්තැම්බර් 17 වන දින පවත්වන ලදි.

ඒ සඳහා සිංහළ වීර විදහන ජාතික සංවිධානයේ ජාතික මණ්ඩල සාමාජික මහත්ම මහත්මීන් ද, ක්‍රියාකාරී මණ්ඩල සාමාජික මහතුන්ද සහ නුවර එළිය ප්‍රදේශයේ සිංහළ වීර විදහන සාමාජික මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රදේශයේ ව්‍යාපාරික මහතුන් පිරිසක් ද රැස්ව සිටියහ.