අඩු ආදායම් ලාභී පවුල් වල දරුවන්ට ශිෂ්‍යාධාර ලබා දීම.

ඉගෙනුමට හැකියාව ඇතත් අගහිඟකම් නිසා අසරණව ඇති දූ දරුවන් සඳහා “සිසුනැණ අබිමන” නමි ශිෂ්‍යත්වයක් පිරිනමා ජාතික දරු පරපුරේ නැණැස වර්ධනය කිරීමටද වීර විදහන මුලපිරුවේ ය.

එයට අමතරව “සිසුර” වැඩ සටහන මගින් විවිධ පළාත්වල සිසු දරුවන්ට ඇදුම්, පොත් බෑග්, පාසල් උපකරණ, පාවහන් ආදිය පරිත්‍යාග කිරීමෙන් ද ඉගෙනුමට උපකාර කළේය. ශිෂ්‍යත්ව තෝරා ගැනීම් වල දී සිංහල පමණක් නොව දෙමළ, මුස්ලිම් දරුවන් ද විය. දහම් පාසල් සඳහා ද එම ආකාරයට පරිත්‍යාග පිරිනැමුවේය.